RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

උමාලි යළිත් සාරංග ඉදිරියේ සම්මානයෙන් පිදුම් ලබද්දී, සාරංගට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ගැන මුහුණුපොතේ දැමූ සටහන මෙන්න – Photos

මෙවර සුමති සම්මාන උළෙලේදීත් හොඳම නිළිය සම්මානය සාරංග ඉදිරියේදීම ලබාගන්න උමාලි තිලකරත්නට හැකිවුණා. පසුගිය රයිගම් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස උමාලි සම්මාන ලබාගත්තේ සාරංග ඉදිරියේදීමයි. ඇය එම වේදිකාවේ සිදුකළ ප්‍රකාශයක් නිසා ලොකු කතාබහක්ද ඇතිවුණා. කෙසේ වෙතත් මෙවරත් උමාලි සාරංග ඉදිරියේ සම්මාන ලබාද්දි සාරංගට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ගැන ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා. ඒ ස්වර්ණා මල්ලවආරච්චි ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන සම්මානයෙන් පිදුම් ලබද්දී සාරංග එම අවස්ථාවේ සම්මානය අතදරා සිටීම ගැනයි. සාරංග සිය මුහුණුපොතට ඡායාරුපයක්ද එක්කරමින් මෙලෙසින් එම සටහන තබා තිබුණා. ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සම්මානයෙන් අත්විතීය ඇය පිදුම් ලබද්දී, කුරා කුහුඹු මටත් ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන මේ අවස්ථාව හිමිවිය.

 33 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com