RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

අනුජ්, දුෂේනිගේ හොඳම යාළුවෙක් විතරමද?

03-Oct-2017

2015 වර්ෂයේදී “මිස් ඒෂියා” කිරුළ හිමි කරගත්තේ දුෂේනි මියුරංගියි. ඒ ලැබූ ජයග්‍රහණයත් සමගම දුෂේනිට රංගන ක්ෂේත්‍රයේත් දොර කවුළු විවර වුණා. මේ වන විට ටෙලිනාට්‍ය 5කත් එක් චිත්‍රපටයකත් ඇය රඟපා තිබෙනවා. පසුගිය 18 වැනිදා දුෂේනිට තවත් ජයක් අත් වුණා. එදින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති “මිස් ශ්‍රී ලංකා” තරගයේ කිරුළ හිමි වුණෙත් ඇයටයි. ඔක්තෝබර් මස අවසානයේ චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට යාමට සූදානම් වන අතරතුර ඇය ආදරණීය පාඨකයන් වෙනුවෙන් මෙසේ සංවාදයකට එකතු වුණා.

“කවදා හෝ දවසක මිස් ශ්‍රී ලංකා වෙනවා කියන හීනය කාලෙක ඉඳන් මගේ හිතේ තිබුණා. ඒ හීනය සැබෑ වීම පිළිබඳ විශාල සතුටක් මගේ හිතේ තියෙනවා. දැන් මගේ ඊළඟ ඉලක්කය “ලෝක රෑ රැජින” කිරුළ හිමි කරගැනීමයි.” දුෂේනි කතාව පටන් ගත්තේ එහෙම කියාගෙන. ඉන්පසුව අපි ඇයගෙන් මේ විදියේ ප්‍රශ්න කීපයකුත් ඇහුවා.

උපතින්ම උරුම වූ සොඳුරු රුව ඔබට මේ ජයග්‍රහණය වගේම නිළිකමට එන්නටත් දොරටුවක් වුණා කියලා හිතනවාද?
රූ රැජිනක් වගේම නිළියක් වීමටත් රූපය සුදුසුකමක් තමයි. හැබැයි ඒ එක සුදුසුකමක් විතරයි. නිළියකට රූපය වගේම රංගන හැකියාවත් වැදගත්. රූ රැජිනක් කියූ සැනින් නම් ගොඩක් දෙනා හිතන්නේ රූපය පමණක් ඊට සෑහෙනවා කියලයි. ඒකට හේතුව දැන් ජාත්‍යන්තර මට්ටමේ කියමින් රූ රැජින තරග රාශියක් පැවැතීමයි. ඒත් පිළිගත් තරග දෙකයි තියෙන්නේ. ඒ තමයි “ලෝක රූ රැජින” තරගය හා “විශ්ව රූ රැජින” තරගය. මා ඔක්තෝබරයේ යන්නේ “ලෝක රූ රැජින” තරගයටයි. එතැනදී රූපය වගේම උස, සිරුරේ හැඩය, ගමන බිමන කතා විලාසය වැනි දේවල් වගේම බුද්ධි මට්ටමත් සලකා බලනවා.

තරගයේදී ඔබ ඔබේ බුද්ධි මට්ටම පෙන්වා ලකුණු හිමි කරගත්තේ කොහොමද?
මගෙන් ඇසූ ප්‍රශ්නය තමයි ලෝකයේ “යමක් වෙනස් කරන්නට අවස්ථාව ලැබුණොත් වෙනස් කරන්නේ මොකක්ද කියන එක” මම පිළිතුරු දුන්නේ “මින්සුන්ගේ සිත්වල දයාව, කරුණාව ඇති කරනවා. එයින් ලෝකය පුරා විහිදුනු ගැටුම්කාරී තත්ත්වය වෙනස් කළ හැකියි කියන එක. ඒකට මට විශාල ප්‍රමාණයක් ලකුණු ලැබුණා. ඒ වගේම මෙහිදී අපි සමාජ සත්කාරක ව්‍යාපෘතියක් කරලා පෙන්වන්නත් ඕනෑ. මම කළේ ඩෙංගු මර්දනය ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක්. ලෝක රූ රැජින තරගයට මම ඉදිරිපත් කරන්න බලා‍පොරොත්තු වෙන්නේත් ඒ ව්‍යාපෘතියම තමයි.

ලැබූ කිරුළ සමග කලා ලොවේ හිතවතුන් ඔබට සුබ පැතුවාද?
විනිසුරු මඩුල්‍ලේ සිටි මාලනී ෆොන්සේකා මහත්මිය වගේම තරගය නරඹන්න පැමිණි උදාරි පෙරේරා, දිනක්ෂි, සාරංග, නදීකා ගුණසේකර, අනුජ් රණසිංහ සුබ පැතුවා. දුරකථනයෙන් කතා කරලා සුබ පැතූ අයත් හිටියා.

ඒත් අද අන්තර්ජාලයේ මුහුණු ‍පොතේ සැරිසරන්නේ අනුජ් ඔබට සුබ පැතූ ඡායාරූප. ඒ වෙලාවේ ඔබේ ජයග්‍රහණයෙන් අනුජ් බොහෝ සතුටට පත්වූ බවයි පෙනෙන්නේ.?
අනුජ් මගේ හොඳම යාළුවෙක්. මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් දිනලා ජාත්‍යන්තරයත් නියෝජනය කරලා ලැබූ අත්දැකීම් අනුව එයා මට මේ තරගයේදී ගොඩක් උදව් උපකාර කළා.

අනුජ් හොඳම යාළුවෙක් විතරමද? ඊට එහා ගිය ඇසුරක් ඔය යාළුකමේ නැද්ද?
(හිනැහී) ඒ ප්‍රශ්නෙට පස්සේ දවසක හරි උත්තරයක් දෙන්නම්.

උපුටා ගැනීමකි.

 78 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com