RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

රු ලක්ෂ 45කට අධික රත්තරන් ගිලලා ඉන්දියාවට පනින්න යද්දී කොටුවේ

නීති විරෝධි ලෙස රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත. කිලෝ ග්‍රෑම් 01ක පමණ බරකින් යුත් රත්‍රං තොගයක් තම සිරුර අභ්‍යන්තරයේ සගවාගෙන ඉන්දියාවේ කොයිම්බ්බතූර් බලායාමට මෙම සැකකරු සූදානමින් සිටි ගුවන් තොටුපල රේගුව සදහන් කළේය. සැකකරුගේ සිරුර අභ්‍යන්තරයේ තිබී රන් බිස්කට් 04 ක්, රන් කැබලි 03ක්, ස්වර්ණාභරණ 06ක් සහ රිදී ආලේපිත රන් තහඩු දෙකක් සොයාගෙන ඇත. අදාල රත්‍රං තොගයේ බර ග්‍රෑම් 904.7 වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 45කට අධික බව ගුවන් තොටුපල රේගුව සදහන් කළේය. සැකකරු 45 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපල රේගුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 29 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com