RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

විද්‍යාගේ තීන්දුව අද

27-Sep-2017

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටු ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක් වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද(27) ලබා දීමට නියමිතය. වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට බව වාර්තාවේ.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් විය.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබිණි.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලැබීය.

අධිකරණ ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග කරනු ලැබූ අවස්ථාව මෙයයි.

ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමර්ශනය යාපනය මහාධිකරණයේදී ජුනි මස 12 වැනිදා ආරම්භ කෙරිණ.
යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටු ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක් වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද(27) ලබා දීමට නියමිතය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට බව වාර්තාවේ.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් විය.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබිණි.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලැබීය.

අධිකරණ ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග කරනු ලැබූ අවස්ථාව මෙයයි.

ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමර්ශනය යාපනය මහාධිකරණයේදී ජුනි මස 12 වැනිදා ආරම්භ කෙරිණ.

 32 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com