RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

ශ්‍රී ලංකා කොඩියට ගිනි තබා වයිකෝගේ පිරිස ඉන්දියාවේ උද්ඝෝෂණයක

28-Sep-2017

චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් උද්ඝෝණයක නිරත වී තිබේ. එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ දී එම්.ඩි.එම්.කේ.පක්ෂයේ නායක වයිකෝට සිදුකළ බව කියන තර්ජනයකට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සිදුකළ ප්‍රකාශයකට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඔහුට තර්ජනය කර ඇති බව උද්ඝෝෂණයේ නිරත පිරිස් චෝදනා කළේය.

අදාළ සිද්ධිය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හෙළාදැකිය යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වු එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ධජය පුළුස්සමින් විරෝධතාවයේ නිරත වී ඇත

 25 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com