RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

නවතා තිබු ලොරියක බස් රථයක් ගැටී 18ක් රෝහලේ

29-Sep-2017

පුත්තලම - හලාවත මාර්ගයේ මුන්දලම ආසන්නයේදී බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව පුද්ගලයින් 18 ක් අනතුරට පත්ව තිබේ. තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අද(29) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ නොච්චියාගම - රාජංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුන් පිරිසක් සහ දෙමව්පියන් බව පොලීසිය පවසයි. රාජංගනය ප්‍රදේශයේ පාසලක දරුවන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් ගොස් ආපසු යමින් සිටින විට මෙම අනතුර සිදුවී ඇත.
කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූවන් අතරින් 04 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 33 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com