RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

දිනපතා පුවත් එසැනින් දැන් රැව්ස් වෙතින්

වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි

03-Oct-2017

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කර තිබේ. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සදහන් කළේ කොල්වින් ගුණරත්න මහතා සයිටම් ආයතනයට පක්ෂපාතී පුද්ගලයෙකු බවයි. එවන් පුද්ගලයෙකු ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම ගැටළු සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (3)පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හමුවීමට නිමිතව ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළේය.

 82 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com