RavsFm

Releasing Sri Lankans’ Assets from Australia to the Universe

R avsfm .com
RavsFm
|    සයිටම් දෙමවුපියෝ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශවලට ඇඟිල්ල දිගු කරති|    මෙරට ඉඩම් නොරටුන්ට දීමට එරෙහිව නාමල් පෙරට එයි|    ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනිද්දී විදෙස් මාධ්‍යය සාක්ෂි ඉල්ලයි|    වෛද්‍ය නිලධාරීන් කොල්වින්ට විරෝධය පාද්දී ඇමැති වෛද්‍ය සභාව කැඳවයි|    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

අන්ධ ළමයා

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

සාගර පලන්සූරිය​

 41 views
Share This on :
RavsFm
Designed and Powered By AdAgra
Copyright © Ravsfm.com